සියලු විද්‍යා පීඨවලට ස්ථිර පීඨාධිපතිවරුන්

සියලු විද්‍යා පීඨවලට ස්ථිර පීඨාධිපතිවරුන්

by Staff writer 12-01-2020 | 6:52 AM

COLOMBO (News 1st) - අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ස්ථිර පීඨාධිපතිවරුන් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, වසර ගණනාවක සිට සියලු අධ්‍යාපන විද්‍යා පීඨවල පීඨාධිපති තනතුරු හොබවන්නේ වැඩබලන පදනම මත පත් කළ නිලධාරීන් බවයි. මෙම තත්ත්වය විද්‍යා පීඨවල කාර්යක්ෂම පරිපාලනයක් ගෙනයාමට බාධවක් වී ඇති බව ඔහු පැවසීය. ඒ අනුව ගුරු අධ්‍යාපනඥ සේවයේ සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින්ට මේ වනවිට සම්මුඛ පරීක්ෂණ කැඳවා තිබේ. එම සම්මුඛ පරීක්ෂණ හෙට දිනයේත් පැවැත්වෙනු ඇති. සම්මුඛ පරීක්ෂණවලදී සුදුසුකම් සපුරාලන පුද්ගලයින් විද්‍යා පීඨවල පීඨාධිපති තනතුරු සඳහා මෙන්ම නියෝජ්‍ය පීඨාධිපති ඇතුළු අංශ ප්‍රධාන තනතුරු සඳහා පත් කරන බව අධ්‍යාපන අමත්‍යාංශ ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා කියා සිටියේ ය.