සෑම දිස්ත්‍රික්කයකටම මධ්‍යම රජයෙන් රෝහලක්

සෑම දිස්ත්‍රික්කයකටම මධ්‍යම රජය යටතේ අංග සම්පුර්ණ රෝහලක්

by Staff writer 12-01-2020 | 7:38 AM

COLOMBO (News 1st) - සෑම දිස්ත්‍රික්කයකම මධ්‍යම රජයට අයත් අංග සම්පුර්ණ රෝහලක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි අතිරේක ලේකම් සුනිල් ද අල්විස් මහතා සඳහන් කළේ, කොළඹ, කරාපිටිය හා මහනුවර ඇතුළු රෝහල් කිහිපයක පවතින තදබදය අවම කර ජනතාවට තමන් පදිංචි දිස්ත්‍රික්යේදීම අවශ්‍ය ප්‍රතිකාර සේවා පුළුල් කිරීම මෙහි අරමුණ බවයි. මාතලේ, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල මධ්‍යම රජයට අයත් රෝහලක් මෙතෙක් පිහිටුවා නැත. මේ හේතුවෙන් එම දිස්ත්‍රික්ක අයත් වන පළාත් සභා රෝහල්වලින් පමණක් ප්‍රතිකාර ගැනීමට ජනතාවට සිදු වේ. එහෙත් ප්‍රමාණවත් ප්‍රතිපාදන නොවීමෙන් එම රෝහල් සංවර්ධනය පළාත් සභා මගින් සිදු නොකිරීම හේතුවෙන් දියුණු ප්‍රතිකාර ක්‍රම ලබා ගැනීමට ජනතාවට දුර බැහැරට යාමට සිදුව ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේ ය. නව වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික්කය තුළ මධ්‍යම රාජයට පවරා ගත් රෝහල් සංවර්ධනය කර ජනතාවට පහසුකම් ලබා දීමට නියමිතයි.