බහින් බස්වීමක් කෙළවර ඇසිඩ් ප්‍රහාරයක්

බහින් බස්වීමක් කෙළවර ඇසිඩ් ප්‍රහාරයක්

by Staff writer 12-01-2020 | 6:23 PM
COLOMBO (News 1st) : බුලත්කොහුපිටිය, වෑවල මොරොන්තොට ප්‍රදේශයේ දී එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් පුද්ගලයෝ 8 දෙනෙක් තුවාල ලැබූහ. පොලීසිය පැවසුවේ, පවුල් දෙකක් අතර ඇතිවූ බහින් බස්වීමකින් පසු ඇතිවු ගැටුමක් අතරතුර මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ඉන් දෙපාර්ශවයේම පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ. ඊයේ රාත්‍රීයේ එල්ල වූ එම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් මේ වන විට රෝහල්ගත කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.