ධීවර හා නාවුක ප්‍රජාවට කාලගුණෙන් දැනුම්දීමක්

ධීවර හා නාවුක ප්‍රජාවට කාලගුණෙන් දැනුම්දීමක්

by Staff writer 12-01-2020 | 5:12 PM
COLOMBO (News 1st) : පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබද පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද ඇතැම් සිට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි. ඒ පිළිබඳව ධීවර හා නාවුක ප්‍රජාව විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.