by Staff writer 12-01-2020 | 3:16 PM
COLOMBO (News 1st) : දෙමටගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 634 ක්, අයිස් ග්‍රෑම් 403 සහ කේරල ගංජා ග්‍රෑම් 573 ක් සිය භාරයට ගත් බවයි.
ඒවායේ වටිනාකම රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික ය.
පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් 42, 26 සහ 24 හැවිරිදි වියේ පසුවන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
සැකකරුවන් හෙට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සතියක රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පුළුල් මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මකයි.
https://www.youtube.com/watch?v=o_-rv_DtT4s