තව ත් ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට සැලසුම්

තව ත් ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට සැලසුම්

by Staff writer 12-01-2020 | 7:32 AM

COLOMBO (News 1st) - තව ත් ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබේ.

එහි නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අතර ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග වන බවයි. අදාළ මිල අඩු කිරීම් සඳහා ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යවරියගේ අනුමැතිය හිමිවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ ය. මේ වනවිට අවස්ථා කිහිපයකදී මිල අඩුකර ඇති ඖෂධ සංඛ්‍යාව 70 කට අධිකයි.