සා/පෙළ ඇගයීම් කටයුතු හේතුවෙන් පාසල් 3 ක් වසා දැමේ

සා/පෙළ ඇගයීම් කටයුතු හේතුවෙන් පාසල් 3 ක් වසා දැමේ

by Staff writer 11-01-2020 | 9:35 AM

COLOMBO (News 1st) - 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු හේතුවෙන් පාසල් තුනක් සම්පූර්ණයෙන් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම ඇගයීම් කටයුතු ලබන 18 සිට 26 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මාතර මහාමායා බාලිකා විද්‍යාලය, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය මහනුවර සහ කුරුණෑගල මල්ලවපිටිය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය අදාළ කාලය තුළ සම්පූර්ණයෙන් වසා දැමෙනු ඇති. එසේම 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු හේතුවෙන් පාසල් 24 ක කොටසක් පමණ වසා තැබෙන බව ද අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය.