20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

by Staff writer 11-01-2020 | 7:59 AM

News 1st - ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම ජය ගෙන තිබේ.

ඒ, දෙරට අතර තෙවැනි තරගයෙන් ලකුණු 78ක ජයක් වාර්තා කරමිනි. පූනේහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක කඩුල්ලට ලෝකේෂ් රාහුල් සහ ශිකර් ධවාන් ලකුණු 97ක සබඳතාවක් ගොඩනැගුවේ ය. ධවාන් පන්දු 36කින් ලකුණු 52 යි. රාහුල් පන්දු 36කින් ලකුණු 54ක් රැස් කළේ ය. මනීෂ් පාන්ඩේ ලකුණු 31ක් රැස් කළ අතර නායක විරාත් කෝලි ලකුණු 26යි. ශර්දුල් ධාකූර් පන්දු 8කින් නොදැවී ලකුණු 22ක් රැස් කළේ 6 පහර 2ක් සහ 4 පහරක්ද සමගිනි. ලක්ෂාන් සඳකැන් ලකුණු 35ට කඩුලු 3යි. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 201ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පිතිකරුවන් 9 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ධනංජය ද සිල්වා පන්දු 36කින් 4 පහර 8ක් සහ 6 පහරක්ද සමගින් ලකුණු 57ක් රැස් කළේ ය. මාස 18කට පසුව 20යි 20 තරගයකට ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31යි. නව්දීප් සයිනි ලකුණු 28ට කඩුලු 3ක් දවා ගත්තේ ය. ශර්දුල් ධාකූර් සහ වොෂින්ටන් සුන්දර් අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ. පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 123ක් පමණි. තරගයේ වීරයා ශර්දුල් ධාකූර්. තරගාවලියේ වීරයා නව්දීප් සයිනි වේ.