ලබන සඳුදා පෑළියගොඩට පැය 24 ක ජල කප්පාදුවක්

ලබන සඳුදා පෑළියගොඩට පැය 24 ක ජල කප්පාදුවක්

by Staff writer 11-01-2020 | 6:22 PM
COLOMBO (News 1st) : ලබන සඳුදා පෙරවරු 8 සිට අඟහරුවාදා පෙරවරු 8 දක්වා පැය 24 ක් කාලයක් පෑළියගොඩ ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ, ජල සම්පාදන මණ්ඩලයේ කැලණි ගඟ ඉවුර ජල ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ අත්‍යවශ්‍ය ඉදිකිරීමක් හේතුවෙනි. ඒ අනුව පෑලියගොඩ, වත්තල - මාබෝල නගර සභා බල ප්‍රදේශ, කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හැඳල, ඇලකන්ද සහ පල්ලියවත්ත, බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර, විජේරාම මාවත, කේ.ඊ. පෙරේරා මාවත, ගෝනවල, පමුණුවිල සහ බතලහේනවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති.