by Staff writer 11-01-2020 | 6:34 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඬ පට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, එම හඬපට පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන්නැයි දැනුම් දෙමින් මෙම හඬපට යොමු කර ඇති බවයි.
එම වාර්තා පදනම් කර ගනිමින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේ ය.
මේ පිළිබඳව කළ විමසීමකදී රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ, හඬපටවලින් කොටසක් මේ වන විට තම දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි.
එම දුරකථන සංවාද සහිත හඬපට හඬ විශ්ලේෂක විද්‍යාගාර නිලධාරීන් විසින් විමර්ශනය කිරීමට පියවර ගනු ලබන ඇති බව ද, ඔහු සඳහන් කළේ ය.
එම නිලධාරියා පැවසුවේ, ඉතා කඩිනමින් මෙහි වාර්තාව අදාළ අංශ වෙත යොමු කිරීමට දැනටමත් සැලසුම් කරමින් ඇති බවයි.