ජනපති දළඳා සමිඳුන් වැඳපුදා ගනී

ජනපති දළඳා සමිඳුන් වැඳපුදා ගනී

by Staff writer 11-01-2020 | 6:09 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත විය. ජනාධිපතිවරයා ප්‍රථමයෙන් පැමිණියේ ශ්‍රී දළඳා මාළිගාවටයි. දළඳා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා ඉන් අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණියේ ය. සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්හ. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගගොඩ විජිතසිරි අනු නා හිමියන් බැහැ දුටුවේ ය. ජනාධිපතිවරයා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරාගොඩ ශ්‍රී ඥානරථන මහ නා හිමියන්ව බැහැදුටුවේ අස්ගිරි මහා විහාරයේදීයි. මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියන් ඇතුළු එම පාර්ශවයේ මහා සංඝරත්නය ද වැඩම කොට සිටියහ. මැණික්හින්න විද්‍යාසාගර පිරිවනට පැමිණි ජනාධිපතිවරයා එහිදී රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපන පේමසිරි මහා නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. අස්ගිරි මහා පිරිවෙන් පරිවනාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ද බැහැ දැක ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේ ය. අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ ගැටඹේ රාජෝපවනාරමයටයි. එහිදි රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පැටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/763326424175731/