කොළඹ සරසවියේ නවකවදය ගැටුම ගැන පරීක්ෂණයක්

කොළඹ සරසවියේ නවකවදය ගැටුම ගැන පරීක්ෂණයක්

by Staff writer 11-01-2020 | 7:56 AM

COLOMBO (News 1st) - කොළඹ විශ්වවිද්‍යාලයේ ආපනශාලාවකදී ඇති වූ ගැටුම පිළිබඳව පාලනාධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පොලීසිය ද රාජකාරිය කරමින් සිටින බවයි. පසුගිය බදාදා පස්වරුවේ විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක් තුළදී නවකවදය සිදුවීමක් මුල්කර ගනිමින් ඇති වූ ගැටුමකින් තුවාල ලැබු සිසුවෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ සම්බන්ධයෙන් සැකපිට කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔවුන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.