ඇල්ලට ජීවය දෙන හරිත රැල්ල දෙවන අදියර සාර්ථකව අවසන්

ඇල්ලට යළි ජීවය දෙන හරිත රැල්ල දෙවන අදියරත් සාර්ථකව අවසන්

by Staff writer 11-01-2020 | 10:05 PM
COLOMBO (News 1st) : ඉකුත් වසරේ ගිනිගෙන දැවුණු ඇල්ල රක්ෂිත කලාපයට යළි ජීවය දෙන්නට V - Force බලකාය ඉටු කළ ජාතික මෙහෙවරයි. ගම්මැද්ද V - Force සමග එක් වෙමින් , එම් ඒ එස් ආයතනය ,ශ්‍රී ලංකා යුද හමුදාව , සහ පරිසර සංවිධාන ඇතුළු පාර්ශ්ව ගණනාවක් අද මෙහි දෙවැනි අදියර ක්‍රියාත්මක කළේ ය. මෙරට සුන්දර ජෛයිව විවිධත්වයක් ඇති ඇල්ල කඳුකරයට යළිත් ජීවය දෙන්නට, ලහි ලහියේ ගමන් කරන ස්වේච්ඡා බලකායට විශාල පිරිසක් එක්ව සිටියහ. මනරම්ව දිස්වෙන ඇල්ල කදු පන්තිය වෙත ගමන් කළ වී ෆෝස් බලකාය, පැල රෝපනය ආරම්භ කිරීමට පෙර පැවැති කෙටි උත්සවයට සහභාගි විය. අනතුරුව පැළ රෝපණය ඇරඹුණු අතර ඒ සඳහා රූනා, සපු, කුඩුදවුල , එරමුදු. සුදුහඳුන් , ගම්මාලු, නෙල්ලි, පිහිඹියා ඇතුළු පැළ වර්ග රාශියක් එහි රැගෙන ගොස් තිබිණ. ඇල්ල කඳුවැටියේ කිතල් ඇල්ල ප්‍රෙද්ශයේ අක්කර 10 ක බිම් පෙදෙසක් තුළ එම පැළ රෝපණය කෙරිණ. ඌව පළාත් සභාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා යුද හමුදාව,ඇල්ල ප්‍රදේශිය සභාව, ඇල්ල සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය, පොලීසිය සහ තවත් ආයතන රැසක් මෙන්ම ප්‍රෙද්ශවාසීන්ද වී ෆෝර්ස් බලකාය සමග එක්විය. https://www.facebook.com/NewsfirstSL/videos/603991246831904/