අසර්බයිජානයේදී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට

අසර්බයිජානයේ නිවසක ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට

by Staff writer 11-01-2020 | 7:15 AM

COLOMBO (News 1st) - අසර්බයිජානයේ මහල් නිවසක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු මිය ගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, අසර්බයිජාන් බාකුහි වෙස්ටන් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකි. ඔවුන් අවුරුදු 21, 23 හා 25 යන වයස්වල පසුවන බව විදෙස් වාර්තා අනාවරණ කළේ ය. විදුලි කාන්දුවකින් එම ගින්න හටගෙන අති බවත් එරට පොලීසිය හා ගිනි නිවීම් අංශ එක්ව වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ද විදෙස් වාර්තාවල සඳහන් විය. මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමර්ශනය කරමින් සිටින බවයි.