
ඉරානයේ ප්‍රහාර සැලසුම් පිළිබඳ අමෙරිකානු ජනපතිගෙන් හෙළිදරව්වක්
ඉරානයේ ප්‍රහාර සැලසුම් පිළිබඳ අමෙරිකානු ජනපතිගෙන් හෙළිදරව්වක්
කර්තෘ Staff writer
News 1st – ඉරානය, අමෙරිකානු තානාපති කාර්යාල හතරකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජනපති ට්‍රම්ප් අවධාරණය කළේ, එවැනි පසුබිමකදී තමන් ඉරාන කඩ්ස් බලකායේ ප්‍රධානී ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඝාතනය කරන ලෙස සිය හමුදාවට නියෝග කළ බවයි.
අමෙරිකාව එලෙස ඉරාන ජෙනරාල්වරයා ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව විමසු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව හෙළි කළේ ය.
ඉරානයේ ජාතික වීරයකු වන කාසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට අමෙරිකාව පියවර ගත්තේ බෑග්ඩෑඩ් නුවර අමෙරිකානු තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් කඩාවැදීමෙන් පසුවයි.
කෙසේ වෙතත් බුද්ධි අංශ විමසීමේදී ඉරානය අමෙරිකානු තානාපති කාර්යාල වෙත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කලැයි හෙළිනොවු බව අමෙරිකාවේ ඩිමොක්‍රැටික් මන්ත්‍රීවරු පවසති.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ද තහවුරු කළේ ය.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ