by Staff writer 10-01-2020 | 12:40 PM
COLOMBO (News 1st) : විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වේ.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර ඉන්දිය කම්කරු හා රැකියා රාජ්‍ය අමාත්‍ය සන්තෝෂ් කුමාර් මහතා හමුවී සාකච්ජාවක නිරතවී තිබේ.
ඒ නවදිල්ලිහි පිහිටි එම අමාත්‍යංශයේදීයි.
එමෙන්ම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර එරට කුසලතා සංවර්ධන හා ස්වං රැකියා අමාත්‍ය ආචාර්ය මහේන්ද්‍ර නාත් පාන්ඩේ මහතා ද හමුවී තිබේ.