මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදේ ගිය 20 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ ගිය තරුණයින් පිරිසක් අත්අඩංගුවට

by Staff writer 10-01-2020 | 6:46 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් සන්තකයේ තිබී කේරල ගංජා, නීති විරෝධි දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය සොයාගත් බවයි. සැකකරුවන් මීගමුව, කුරුණෑගල, දඹුල්ල, කොළඹ, ගාල්ල සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.