by Staff writer 10-01-2020 | 6:48 PM
COLOMBO (News 1st) - පොලිස් විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.ඩී ජයසිංහ මහතා පත් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, ඔහු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ සිට විනය හා කල්ක්‍රියා කොට්ඨාසයට මාරු කර ඇති බවයි.
ඒ අනුව පුරප්පාඩු වූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් මහතා පත්කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.