ඇලිස් වේල්ස් නිල සංචාරයක් සඳහා ලබන 13 දිවයිනට

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර අමරිකානු නි. සහකාර ලේකම් ලබන 13 දිවයිනට

by Staff writer 10-01-2020 | 12:37 PM
COLOMBO (News 1st) : දකුණ හා මධ්‍යම ආසියානු කටයුතු භාර අමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා ලබන 13 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි. එම සංචාරයෙන් අනතුරුව ඇය ඉන්දියාවේ සහ පකිස්ථානයේ සංචාරය කිරිමට නියමිත බව අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ශ්‍රී ලංකා සංචාරයේදී රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් , සිවිල් සංවිධාන නියෝජිතයින් සමග ඇලිස් වේල්ස් මහත්මිය සාකච්ඡා පවත්වනු ඇති. මානව හිමිකම්, යුක්තිය , ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපීය පොදු අභිලාසයන් ඇතුළුව කලාපීය හා ද්විපාර්ශික ගැටලු පිළිබඳ එහිදී අවධානය යොමු කිරිමට නියමිතයි. මේ අතර , රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝක් ලබන 13 වැනිදා දිවයිනට පැමිණෙයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, දෙදින නිල සංචාරයක් සඳහා රුසියානු විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණෙන බවයි. එහිදී රුසියානු විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා සහ රජයේ ඉහළ නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වනු ඇති.