කොළඹට අද රාත්‍රියේ පැය 12 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10 සිට ජල සැපයුම අත්හිටුවයි

by Staff writer 10-01-2020 | 4:32 PM

COLOMBO (News 1st) - කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අද රාත්‍රී 10 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 01 සහ කොළඹ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබාදෙන බවය. එලෙස ජල සැපයුම අත්හිටුවන්නේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි. මේ අතර පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 13 වැනි දා පෙරවරු 8 සිට පසුදා පෙරවරු 8 දක්වා පැය 24 කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති. ඒ අනුව පෑලියගොඩ, වත්තල හා මාබෝල නගර සභා බල ප්‍රදේශවලට මෙන්ම කැලණිය ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඇලකන්ද, හැදල, පල්ලියවත්ත ප්‍රදේශ වලටත්, බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයකටත් එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති. ඒ, කැලණි ගඟ දකුණු ඉවුර ජල ව්‍යාපෘතියේ දෙවන අදියරේ අත්‍යවශ්‍ය ඉදිකිරිමක් හේතුවෙන් ය.