විදේශ ඇමති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

විදේශ ඇමති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

by Staff writer 09-01-2020 | 7:41 AM

COLOMBO (News 1st) - විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කර තිබේ.

ඒ, එරට රජයේ ආරාධනයකට අනුවයි. විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පළමු විදෙස් සංචාරය ද මෙයයි. අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු ඔහු සමග එම සංචාරයට එක්ව සිටි. සිය සංචාරය තුළදී ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සමග අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.