විදුහල්පති පුරප්පාඩු 275 ක් සඳහා සම්මුඛ පරීක්ෂණ

විදුහල්පති පුරප්පාඩු 275 ක් සඳහා සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

by Staff writer 09-01-2020 | 9:59 AM

COLOMBO (News 1st) - ජාතික පාසල් 275 ක පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් එම්.එම්.රත්නායක මහතා සඳහන් කළේ, මෙම මාසය තුළ අදාළ සම්මුඛ පරීක්ෂණ අවසන් කරන බවයි. ලබන මස 15 වැනි දාට පෙර පුරප්පාඩු විදුහල්පති තනතුරු සඳහා සුදුස්සන් පත් කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එම්.රත්නායක මහතා පැවසීය.