by Staff writer 09-01-2020 | 6:28 PM
COLOMBO (News 1st) : රුපියල් 10000ක අල්ලසක් ගැනීම ඇතුළු අධිචෝදනා 4 කට වරදකරුවන් වූ පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය අද බරපතළ වැඩසහිත වසර 28 ක සිර දඬුවම් නියම කළේ ය.
මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා එහිදී නියෝග කළේ රුපියල් විසිදහස බැගින් දඩ මුදලක් ද ගෙවන ලෙසයි.
අරලගංවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ, අදාළ පොලිස් පරීක්ෂකවරයා හා කොස්තාපල්වරයා, 2009 වසරේ අගෝස්තු 9 වැනිදා ගෝන මස් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබිණ.
එහෙත් අදාළ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර නොගැනීම සඳහා ඔවුන් රුපියල් 10000 ක අල්ලසක් ලබාගෙන තිබේ.
සිරදඬුවම් නියම වූ පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට පත්වීමට පෙර සේවය කළේ, පුත්තලම පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක ලෙසයි.