රට හමුවේ ඇති විශාලම ගැටලුව හඬ පටය ද...?

රට හමුවේ ඇති විශාලම ගැටලුව හඬ පටය ද...?

by Staff writer 09-01-2020 | 9:52 PM
COLOMBO (News 1st) : දිනෙන් දිනම ජනතාවගේ ප්‍රශ්න වර්ධනය වන පසුබිමක් අද රටේ දක්නට ලැබේ. එක පසෙකින් භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර අනෙක් පසින් ගොවියාට අත්‍යාවශ්‍ය පොහොර හිඟයකට මුහුණ දීමට සිදුව තිබේ. පානීය ජල අවශ්‍යතා , අලි මිනිස් ගැටුම, අබලන් වූ මාර්ග, ප්‍රවාහන දුෂ්කරතා, අධ්‍යාපනයට නිසි පහසුකම් නොමැතිවීම, නොවිසඳුණු සෞඛ්‍ය ගැටලු වැනි දහසකුත් ප්‍රශ්නවලට, දෛනිකව මහජනතාව මුහුණ දී සිටී. ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුන්කම් දෙන්නේ කවුද ? ජනතා නියෝජිතයින්ගෙන් සැදුම්ලත්, ජනතා මුදලින් නඩත්තු වන පාර්ලිමේන්තුව නිහඩයි. ඔවුන් මේවා කථා කරන්නේ ද නැත. අද දේශපාලඥයාට ඇති විශාලම ගැටලුව වන්නේ හඬපටයි. හඬපට පිළිබඳ විධිමත් පරික්ෂණයක් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම, අදාළ අංශ වෙත භාර දී , ජනතාවගේ දැවෙන ප්‍රශ්න වහාම විසඳීමට, මැදිහත් වන්නැයි ජනතා නියෝජිතයින්ගෙන් අප ඉල්ලා සිටී. https://www.facebook.com/NewsfirstSL/videos/456165841927300/