by Staff writer 09-01-2020 | 9:02 PM
COLOMBO (News 1st) : වර්ධනය වන මැද පෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරමින් රටට අහිතකර ගිවිසුම් අහෝසි කරන්නැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ ජනාධිපවරයා වෙත ලිපියක් යොමු කරමිනි.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීත්වයට සැබෑ ලෙසම තර්ජනයක්ව පවතින 1995 දී අත්සන් තැබූ සෝෆා ගිවිසුමත් 2007 දී අත්සන් කළ සහ 2017 දී එජාප ආණ්ඩුව විසින් දීර්ඝ කළ ඇක්සා ගිවිසුමත් වහාම අහෝසි කරන ලෙස ඔහු එම ලිපියෙන් ඉල්ලා තිබේ.
මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් ඉල්ලා ඇත්තේ ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනෙන ලෙසයි.