'බේකරි චානක'ගේ ගෝලයෙක් හෙරෙයින් සමග දැලේ

'බේකරි චානක'ගේ ගෝලයෙක් හෙරෙයින් සමග අත්අඩංගුවට

by Staff writer 09-01-2020 | 2:51 PM
COLOMBO (News 1st) : රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, ඔහු අද පෙරවරුවේ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී. සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 450 කි. පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය, දෙහිවල ගුවන් පාලම අසලදී ඔහු අත්අඩංගුවට ගත්තේ ඊයේ රාත්‍රියේදීයි. දෙහිවල පදිංචි 44 හැවිරිදි සැකකරු, මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු වන බේකරි චානක නමැත්තාගේ ගෝලයෙකි.