by Staff writer 09-01-2020 | 5:34 PM
COLOMBO (News 1st) : කොළඹ, කුරුණෑගල මාර්ගයේ පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 4 කු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ ත්‍රී රෝද රථයක් හා ලොරියක් ගැටීමෙන් අද පස්වරුවේ අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබූවන් අතර කාන්තාවක ද සිටී.
ඔවුන් පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කුරුණෑගල රෝහලට මාරුකර යැවූ බව පොලීසිය සඳහන් කළේ ය.