by Staff writer 09-01-2020 | 6:53 PM
COLOMBO (News 1st) : ඉන්දියාව පුරා මේ වනිවිට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිය සමිති 10ක් පැය 24 ක වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.
ඔවුන් පවසන්නේ කඩා වැටුණු ආර්ථිකයක් හමුවේ අගමැති නරේන්ද්‍ර මෝදි පවත්වාගෙන යන රජය ප්‍රශ්න විසඳීම සඳහා ජාතික සම්පත් විකුණා දැමීමට සූදානම් වන බවයි.
පෞද්ගලීකරණය නවතා දමන ලෙසත් සේවක සුබ සාධනය වැඩි දියුණු කරන ලෙසත් ඔවුහු ඉල්ල සිටිති.
කල්කටාහි වාහන හා රාජ්‍ය දේපොළවලට වර්ජකයින් හානි සිදුකර ඇති අතර 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.