අකුරැස්සේ හිටපු සභාපතිට එරෙහි නඩු තීන්දුව 14 වනදා

අකුරැස්සේ හිටපු සභාපතිට එරෙහි නඩු තීන්දුව ලබන 14 වන දා

by Staff writer 09-01-2020 | 5:28 PM
COLOMBO (News 1st) : අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 14 වන දා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද දින නියම කළේ ය. නඩුව පවරා ඇත්තේ 14 හැවිරදි බාල වයස්කාර දැරියක රවටා හෝටලයකට ගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කිරීමේ චෝදනා යටතේයි. නඩුවේ තීන්දුව අද නිකුත් කිරීමට නියමිතව තිබුණ ද, එය කල්දැමුණේ නඩු විභාගය පැවැත්වූ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩු කටයුත්තට සහභාගී වීමට නියමිත වීම හේතුවෙනි.