
හපුතලේ ගුවන් අනතුරේ අතුරු වාර්තාව ගුවන් හමුදාපතිට
හපුතලේ ගුවන් අනතුරේ අතුරු වාර්තාව ගුවන් හමුදාපතිට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාවක් තමාට ලැබී ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, එම වාර්තාවට අනුව අනතුර සිදුවීමට බලපෑ යානයේ දෝෂයක් මෙතෙක් හඳුනාගැනීමට නොහැකි වී ඇති බවයි.
වාර්තාවට අනුව කඩා වැටුණු යානයේ එන්ජිම ඇතුළු කොටස් වැඩිදුර පරීක්ෂාවකට ලක් කළ යුතු බව ගුවන් අනතුර සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටුව ගුවන් හමුදාපතිවරයාට දැනුම්දී ඇත.
අදාළ කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා යොමුකර ඇත්තේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා ඉංජිනේරු පක්ෂාංගයටයි.
එහිදී ලබාගන්නා තොරතුරු මත මාසයක් ඇතුළත කමිටුවේ අවසන් වාර්තාව තමා වෙත ලැබෙනු ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පැවසීය.
ගුවන් අනතුරට හේතූ සෙවීමට පත්කළ එයාර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළත් ය.
පසුගිය දා හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් වයි 12 යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු මිය ගියහ.
- සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..
- වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- පැරිස් සමාජයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය IMF වෙත – ජනාධිපති මාධ්‍ය අංශය
- උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා
- මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
- තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
- නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි… වැය කළ මුළු මුදල මෙන්න… ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
- හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි