විදේශ ඇමති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

විදේශ ඇමති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

විදේශ ඇමති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

කර්තෘ Staff writer

09 Jan, 2020 | 7:41 am

COLOMBO (News 1st) – විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කර තිබේ.

ඒ, එරට රජයේ ආරාධනයකට අනුවයි.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පළමු විදෙස් සංචාරය ද මෙයයි.

අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු ඔහු සමග එම සංචාරයට එක්ව සිටි.

සිය සංචාරය තුළදී ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සමග අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]