ශානි අබේසේකරට විදේශ ගතවීම තහනම්

CID යේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකරට විදේශ ගතවීම තහනම්

by Staff writer 08-01-2020 | 11:53 AM

COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විදේශ ගතවීම වළක්වමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ තොරතුරු වාර්තාවක් පදනම් කර ගනිමිනි. එමගින් අපරාධ කොට්ඨාසය අධිකරණයට පැවසුවේ, රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී ශානි අබේසේකර මහතා විදෙස් ගතවීමෙන් බාධා එල්ල විය හැකි බවයි.