මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 08-01-2020 | 7:55 AM

COLOMBO (News 1st) - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ගාල්ල සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් කහව ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බවයි. කාර්මික දෝෂයකට ලක් වූ දුම්රිය යථාතත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොමු කර ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.