by Staff writer 08-01-2020 | 3:41 PM
COLOMBO (News 1st) :කොළඹ මහාධිකරණය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේ ය.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙලෙස සිරදඬුවම් නියම කළේ, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ලක්ෂ්මන් ප්‍රනාන්දු හෙවත් චන්ද්‍රා නමැති අයෙකුටයි.
2000 වසරේ ජුනි මස 22 වන දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මොහු බොරුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ, හෙරොයින් ග්රෑම් 25 මිලිග්රෑම් 25 ක් සමගයි.
හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරමට වරදකරු කරමින්, විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ ය.