අමෙරිකානු ගුවන් හමුදා කඳවුරකට මිසයිල ප්‍රහාරයක්

ඉරාකයේ අමෙරිකානු ගුවන් හමුදා කඳවුරකට ඉරානයෙන් බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක්

by Staff writer 08-01-2020 | 7:27 AM

News 1st - ඉරානය, ඉරාකයේ පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුරකට බැලිස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ, ඉරානය සහ අමෙරිකාව අතර නොසන්සුන්තා උග්‍රවෙමින් පවතින පසුබිමකදීයි. මෙම ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හෝ දේපොළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත. ඉරාන රූපවාහිනිය සඳහන් කළේ, මෙය අමෙරිකාව, ඉරානයේ ප්‍රධාන අණදෙන නිලධාරියකු වන කාසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස එල්ල කළ ප්‍රහාරයක් බවයි. සොලෙයිමානිගේ මරණය වෙනුවෙන් පළිගන්නා බවත් එය අනිවාර්යයෙන්ම හමුදාමය ක්‍රියාමාර්ගයක් වනු ඇති බවත් ඉරානය මීට පෙර පවසා සිටියේ ය.