by Staff writer 08-01-2020 | 10:20 PM
COLOMBO (News 1st) : ඉරාකයේ පිහිටි සිය ගුවන් කඳවුරුවලට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් කිසිදු අමෙරිකානුවෙකුට හානියක් සිදුනොවූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, සියලු සෙබළුන් ආරක්ෂිතව සිටින බවයි.
ඔහු සඳහන් කළේ පසුගියදා සිය ප්‍රහාරයකින් මිය ගිය ඉරාන විප්ලවවාදී හමුදාවේ කුඩ්ස් බලකා ප්‍රධානී කසේම් සුලෙයිමානී, ලොව ප්‍රබලම ත්‍රස්තවාදියෙකු බවයි.
සිවිල් වැසියන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර ඔහු විශාල ජන සංහාරයක් කළ බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.
ඉරාන න්‍යෂ්ඨික ගනුදෙනුව දැඩිව විවේචනය කළ අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ ලෝකය සුරක්ෂිත සහ සාමකාමී ස්ථානයක් බවට පත් කිරීමට නම්, ඉරානය සමඟ ගනුදෙනුවක් කිරීමට සැවොම එක්විය යුතු බවයි.
මැදපෙරදිග ඉන්ධන අමෙරිකාවට අවශ්‍ය නොවන බව ද, අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී දැඩි ව ප්‍රකාශ කළේ ය.
විනාඩි 10 ක කාලයක් කළ සිය විශේෂ ප්‍රකාශය ඔහු අවසන් කළේ ඉරානයට එරෙහිව නව සම්බාධක පනවන බව ද නිවේදනය කරමිනි.