අසාද් සාලි ජනපති කොමිසම හමුවට

අසාද් සාලි 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසම හමුවට

by Staff writer 08-01-2020 | 11:28 AM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද ප්‍රකාශයක් ලබාදීමට කැඳවා තිබේ.

එහි නිලධාරීයෙකු සඳහන් කළේ, ඔහු පොලිස් ඒකකය හමුවේ මෙම ප්‍රකාශය ලබා දෙන බවයි. මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 47 කි. තව ත් පුද්ගලයින් 317 දෙනෙකු ප්‍රකාශ ලබාදී ඇති බව ද ජනාධිපති කොමිසම සඳහන් කළේ ය. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාවක් මේ වනවිට ජනාධිපතිතුමාට භාර දී ඇති අතර එම කොමිසමේ නිල කාලය මාර්තු මස 22 අවසන් වීමට නියමිතයි.