මගීන් 180 ක් රැගත් යුක්‍රේන් ගුවන් යානයක් ඉරානයේදී කඩා වැටෙයි

මගීන් 180 ක් රැගත් යුක්‍රේන් ගුවන් යානයක් ඉරානයේදී කඩා වැටෙයි

මගීන් 180 ක් රැගත් යුක්‍රේන් ගුවන් යානයක් ඉරානයේදී කඩා වැටෙයි

කර්තෘ Staff writer

08 Jan, 2020 | 10:11 am

News 1st – යුක්‍රේන ගුවන් සේවයට අයත් බෝයිං සෙවන් ත්‍රී සෙවන් වර්ගයේ ගුවන් යානයක් ඉරානයේදී කඩා වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරානයේ ඉමාම් කොමේනි ගුවන්තොටුපොළෙන් පිටත්ව සුළු මොහොතකට පසු කඩා වැටුණු මෙම ගුවන් යානයේ මගීන් 180 දෙනෙකු සිටි බවයි.

තාක්ෂණික දෝෂයක් මෙම යානය කඩා වැටීමට හේතු වූ බව සඳහන් නමුත් යානය කඩා වැටීමට අමෙරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය මුල්වුවාදැයි මෙතෙක් හෙළිවී නැත.

මෙම යානය යුක්‍රේනයේ කිව් අගනුවර බලා පියාසර කිරීමට නියමිතව තිබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]