ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

CID යේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

by Staff writer 07-01-2020 | 5:15 PM

COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ රාජකාරි වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, පොලිස් සේවය අපකීර්තියට පත් වන ආකාරයෙන් දුරකතන සංවාදවල නිරතවීමේ චෝදනා මත මෙම පියවර ගත් බවයි. වැඩ තහනමට පෙර ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස කටයුතු කළේ ය. ඉන් පසු ඔහු පොලිස් මූලස්ථානයට මාරු කර රාජකාරි වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.