ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

5 වසර ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

by Staff writer 07-01-2020 | 9:13 PM

COLOMBO ( News 1st ) - 2019 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය. නැවත සමීක්ෂණ ප්‍රතිඵල පාසල් විදුහල්පතිවරුන් වෙත යොමුකර ඇති බව විභාග දෙපාර්මේන්තුව සඳහන් කළේ ය. 2019 වසරේ පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වූ සිසුන් සංඛ්‍යාව 339,369 කි.