සිසුවියන් 4ක් අපයෝජනය කළ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

by Staff writer 07-01-2020 | 10:56 AM
COLOMBO (News 1st) : පාසල් සිසුවියන් 4 දෙනෙකු ලිංගික අපයෝජනය කළ අම්පාර , උහන සෙනරත්පුර ග්‍රාමිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මැරතන් තරගයකට සහභාගි වීමට අවශ්‍ය බව පවසමින් අදාළ සිසුවියන් වෛද්‍ය පරීක්ෂණයකට සෙනරත්පුර ග්‍රාමිය රෝහලට පැමිණ ඇති බවයි. වෛද්‍ය පරික්ෂණය අතරතුර අදාළ වෛද්‍යවරයා විසින් තමන් ලිංගික අපයෝජනයට ලක්කළ බවට සිසුවියන් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ. සිද්ධියට මුහුණ පා ඇත්තේ අවුරුදු 18, 14 සහ වයස අවුරුදු 17ක් වන සිසුවියන් දෙදෙනෙකි. ඔවුන් මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සදහා අම්පාර මහ රෝහලට ඇතුළත් කර තිබේ. අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.