පොතුහැර බස් අනතුරකින් 10කට තුවාල

පොතුහැරදී බස් රථයක් හා බවුසරයක් ගැටීමෙන් 10 දෙනෙකුට තුවාල

by Staff writer 07-01-2020 | 3:33 PM

COLOMBO (News 1st) - පොතුහැර, මල්පිටිය, හාල් පාර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, බස් රථයක් හා බවුසරයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබුවන් මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තුවාලකරුවන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව, පොලීසිය පැවසුවේ ය.