තෙරපීමක් නිසා ඉරානයේ 40 දෙනෙකු මරුට

ඉරාන හමුදා ජෙනරාල්වරයාගේ අවමඟුල් පෙරහැරේ තෙරපීමකින් 40ක් මරුට

by Staff writer 07-01-2020 | 9:07 PM

News 1 st - ඉරානයේ සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා ජෙනරාල්වරයාගේ අවමංගල්‍යය පෙරහැරට සහභාගී වී සිටි පිරිසකි. තෙරපීමෙන් තවත් පුද්ගලයින් 200 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි සඳහන් වේ. ඉරාන හමුදා ජෙනරාල් කාසෙම් සොලේමානිගේ දේහය අද ඔහුගේ උපන් ගම වන කර්මාන් වෙත රැගෙන එනු ලැබුවා ය. එම අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවීමට දහස් සංඛ්‍යාත පිරිසක් කර්මාන් වෙත රැස්ව සිටි අතර එලෙස රැස්ව සිටි පිරිසක් මෙලෙස මියගොස් තිබේ.