රටකජු හා බඩඉරිඟු ආනයනය තහනම්

රටකජු හා බඩඉරිඟු ආනයනය තහනම්

by Staff writer 06-01-2020 | 5:34 PM

COLOMBO (News 1st) - රටකජු සහ බඩඉරිඟු ආනයනය ලබන 15 වැනිදා සිට සම්පුර්ණයෙන් තහනම් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, දේශීය ගොවීන් දිරි ගැන්වීමේ අරමුණින් එම තීරණය ගත් බව ය. මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 04කි. රටකජු මෙට්‍රික් ටොන් ලක්ෂ 02 ක් වාර්ෂිකව මෙරටට අවශ්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.