by Staff writer 06-01-2020 | 5:07 PM
COLOMBO (News 1st) - මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මණ්ඩලය සඳහන් කළේ, කලටුවාව සිට මහරගම දක්වා ජලය සැපයෙන ප්‍රධාන ජලනල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට හෙට පෙරවරු 9 සිට පැය 24 ක් ජලසැපයුම අත්හිටුවනු ඇති.
මේ අතර මීගමුව මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකටද අද පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ.