පූජිත් හා හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරයට

පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 06-01-2020 | 11:02 AM

COLOMBO ( News 1st ) - අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වළක්වා නොගැනීමෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගත්තේ ය.