Update: පස්සර - මඩොල්සිම මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 7 ක් මරුට

by Staff writer 06-01-2020 | 6:09 PM

COLOMBO (News 1st) - Update: බදුල්ල, පස්සර - මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, සිද්ධියෙන් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. ඔවුන් පස්සර හා බදුල්ල රෝහල්වලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන් අතර බරපතළ තත්ත්වයේ පසුවන කිහිපදෙනෙකු වන බව ද රෝහල් ආරංචි මාර්ග පැවසීය. අදාළ බස් රථය අද පස්වරු 4.30 ට පමණ ඇකිරිය බලා ධාවනය ආරම්භ කර ඇති අතර අනතුර සිදු ව ඇත්තේ පස්වරු 5.20 ට පමණි.