පර්පචුවෙල් සමාගම ගැන මුදල් මණ්ඩලය ගත් තීරණය

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම යළි දීර්ඝ කෙරේ

by Staff writer 06-01-2020 | 5:16 PM

COLOMBO (News 1st) - පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම යළි දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ, අනුව ඊයේ සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 6 ක කාලයක් සඳහා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු හා ක්‍රියාකාරකම් අත්හිටුවීමට නියමිත ය. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමටයි. ඒ, සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කරනු ලබන විමර්ශන තවදුරටත් කරගෙන යාම සඳහා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවි ව්‍යාපාර කටයුතු අත්හිටුවා තිබේ.