ජාත්‍යන්තර කොටස් වෙළෙඳපොළ පහළට

ඉරාන - අමෙරිකානු අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොලේ රත්‍රං සහ බොරතෙල් මිල ඉහළට

by Staff writer 06-01-2020 | 5:58 PM

News 1st - ඉරාන - අමෙරිකා අර්බුදය හමුවේ ලෝක කොටස් වෙළෙඳපොළ රැසක් පහතවැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාස 18 කට පසු කොටස් සඳහා වාර්තා වූ අවම මිල මෙය බවයි. අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොලේ රත්‍රං සහ බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මිලදී ගැනීම් වැඩිවීම රත්‍රං මිල ඉහළ යාමට හේතුවයි. මේ අතර අර්බුදය උත්සන්නවීම හමුවේ, ඉරාකයට එරෙහිව සම්බාධක පනවන බවට ද අමෙරිකානු ජනාධිපතිවරයා තර්ජනය කළේ ය.