21 ප්‍රහාරය: 305 කගෙන් ජනපති කොමිසමට ප්‍රකාශ

21 ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම ලබන 17 යළි ඇරඹේ

by Staff writer 05-01-2020 | 12:48 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම ලබන 17 වැනි දා යළි ආරම්භ කෙරේ.

එම කොමිසමේ ලේකම් එච්.එම්.පී.බී හේරත් මහතා පැවසුවේ, මේ වනවිට පුද්ගලයින් 305 කට වැඩි සංඛ්‍යාවකින් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි. ඒ අතර කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, මහාචාර්ය රොහාන් ගුණරත්න සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ද වේ. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය 19 වැනි දා භාර දුන්නේ ය.